ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට වර්ෂාවෙන් බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට වර්ෂාවෙන් බාධා

ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට වර්ෂාවෙන් බාධා


පවතින වැසි හේතුවෙන් නිල ඡන්ද දැන්වීම පත්‍රිකා  බෙදා හැරීමේ කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා. අදාළ බෙදා හැරීම් කටයුතු සඳහා තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

 


මේ අතර ඡන්ද දායකයෙකුට ලබන මස 9 වැනිදා වනවිට සිය නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකාව නොලැබුණේ නම් සිය ප‍්‍රදේශයේ තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට ගොස් එය ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
 

 

views

848 Views

Comments

arrow-up