අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි

අමාත්‍යාංශවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරයි

අමාත්‍යාංශවලට හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම ජනාධිපති කාර්යාලය විසින් නතර කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.

 


යම් අමාත්‍යාංශයකට වාහන වල අඩුවක් පවතින්නේ නම් ජනාධිපති කාර්යාලය සතු අතිරික්ත වාහන එම අමාත්‍යාංශවලට ලබාදීමට කටයුතු යොදවා ඇති බවද වාර්තා වේ.

 


රජයේ වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
අමාත්‍යාංශවල වාහන,ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු අනවශ්‍ය සියලු වියදම් කපා හරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙරද  අමාත්‍යාංශවලින් හා ඒ යටතේ ඇති ආයතනවලින් ඉල්ලීමක් කර තිබිණි.

 

views

706 Views

Comments

arrow-up