සා/පෙළ උපකාරක පන්ති අදින් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

සා/පෙළ උපකාරක පන්ති අදින් අවසන්

සා/පෙළ උපකාරක පන්ති අදින් අවසන්


මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම අද (26) මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් වනවා.

 


අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දිනය දක්වා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් විෂයානුබද්ධ දේශන, සම්මන්ත‍්‍රණ හෝ වැඩමුළු පැවැත්වීමද තහනම් වනවා.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනුමාන ප‍්‍රශ්න හෝ ඒ හා සමාන ප‍්‍රශ්න ලබාදෙන බවට ප‍්‍රචාරය කිරීමද එවැනි ප‍්‍රචාරක ද්‍රව්‍ය ළග තබාගැනීමද අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

 

 


මේ අතර මෙම තහනම නොසලකා කටයුතු කරන පුද්ගලයින් හෝ ආයතන පිළිබද පොලීසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ඉල්ලා සිටින්නේ. පැමිණිලි ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්‍ෂණික ඇමතුම් අංකයද විවෘත කර තිබෙනවා.

 

 


මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර්  මස අවසානයට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

 

views

845 Views

Comments

arrow-up