රුවන්වැලිසෑයේ කොත නිරාවරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

රුවන්වැලිසෑයේ කොත නිරාවරණය අද

රුවන්වැලිසෑයේ කොත නිරාවරණය අද

ඓතිහාසික රුවන්වැලි මහසෑරඳුන්ට පැළද වූ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය අද(26) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතයි.

 


ක්‍රි.පූ.140යේ දී දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහසෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට චූඩා මාණික්‍යය පැළඳවීම සිදුවුයේ 1939 වසරේදී යි.
චූඩා මාණික්‍යයට පලුදු වී දුර්වර්ණ වීම නිසා රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගනු ලැබීය.

 


මෙම නව චූඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණය යි.

 


ස්වභාවික නිල් මැණික්, රතු මැණික් ඇතුළු මැණික් ගල් 5320ක් යොදාගෙන නිමවුණු මේ සඳහා පිරිසිදු රත්‍රං කිලෝග්‍රෑම් 28කට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබේ.

 

views

685 Views

Comments

arrow-up