අපේ සියලූම සේවකයින් ශ්‍රී ලාංකීය නීතියට අවනත විය යුතුයි-ස්විස් රජය පරාජය පිළිගනී

සිය තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ඕනෑම ලාංකීය සේවකයෙක් මෙරටේ නීතියට අවනත විය යුතු බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කර ඇත්තේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිදුවීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය අතර පැවති සබදතාවලට යම් බාධාවක් පසුගිය කාලසීමාවේ එල්ල වූ බවයි. නමුත් කිසිදු විටක ශ්‍රී ලංකාවේ කීර්තිය හෑල්ලු කරවීම තම රටේ අභිප්‍රාය නොවූ බවද එම නිවේදනයේ සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය සමග සබදතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම තම අරමුණ බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
947 Views
Comments