රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්

රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්

රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

 

එම ගැසට් නිවේදනය මගින් කැබිනට් ඇමතිවරයාට අයත් විෂයන් හා ආයතනවලින් කොටසක් රාජ්‍ය අමාත්‍යවරයාට පැවරීමට නියමිතයි.

 

අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් සදහා සදහා විෂයන් සහ කාර්යයන් පැවරීමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල යෝජනාව අනුව එම ගැසට් නිවේදන නිකුත් කළ බවද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.

 

ඒ ඒ අමාත්‍යංශවලට අදාළව රාජ්‍ය අමාත්‍යංශ සදහා වෙන්කර දියයුතු විෂයයන් හා කාර්යන්, ඊට අදාළ ආයතන හා අණපනත් සහිත ලේඛනයක්ද එම ලිපිය සමග අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවා තිබෙනවා.ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 44 (5) වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් සහ කාර්යයන් පවරමින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නැයි ද එම ලිපියේ සදහන් කර ඇත.

 

එමෙන්ම ඇමතිවරයා හා රාජ්‍ය ඇමතිවරයා ලවා ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරනු ලබන කාර්යයන් ඇත්නම් ඊට අදාළ ආයතන, විෂයන්, කාර්යයන් සහ අණපනත් ද උක්ත ගැසට් නිවේදනයට ඇතුලත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.

views

659 Views

Comments

arrow-up