රාජිත අත්අඩංගුවට ගන්න ඊලග පියවරයන් ක්‍රියාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

රාජිත අත්අඩංගුවට ගන්න ඊලග පියවරයන් ක්‍රියාත්මකයි

රාජිත අත්අඩංගුවට ගන්න ඊලග පියවරයන් ක්‍රියාත්මකයි

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර දින දෙකක් ඉක්මවා කල් ගත වුවද මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නැහැ.

 

සේනාරත්න මහතාට අයත් කොළඹ සහ බේරුවල නිවාස දෙකක්ම රහස් පොලිසිය විසින් අද සෝදිසි කළ ද එහි ඒවායේ රාජිත සේනාරත්න මහතා රැඳී සිටියේ නැහැ. ඒවායේ සිටි පුද්ගලයන් ගැන ප්‍රකාශ ලබාගෙන රහස් පොලීසිය ආපසු පැමිණ තිබෙනවා. රාජිත සේනාරත්න මහතා සොයා තවත් නිවාස කිහිපයක් මෙන්ම පෞද්ගලික රෝහල් කිහිපයක් ම සොයා බැලු නමුත් ඔහු ඒවා එකකවත් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා.

 

සේනාරත්න මහතාට යොදවා සිටි ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන් පවා නොමැතිව ජංගම දුරකථනය පවා ක්‍රියාවිරහිත කරගෙන ඔහු සැඟවී සිටී. මේ අතරවාරයේ රාජිත සේනාරත්න මහතාට එළඹෙන 30 වැනිදා තෙක් සැඟවී සිටින ලෙස නීති උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වෙයි. ඒ එදින ඔහු විසින් ගොනු කරන ලද පෙර ඇප අයදුම්පත් වල තීන්දුව ලබාදීමට නියමිත හෙයින්.

 

මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ඊලග පියවරයන් වෙත ගොස් තිබෙන බවයි වාර්තාවන්නේ.

 

කෙසේ නමුත් එම එජාප දේහපාලඥයන් කිහිප දෙනෙකුම කියා සිටින්නේ අද දිනයේ රාජිත සේනාරත්න මහතා අධිකරණයට භාර වනු ඇති බවයි.අධිකරණයට බාර වීමත් සමගම නැවත වතාවක් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔවුන් සූදානම් කර ඇතැයිද වාර්තා වෙයි.

 

මේ අතර තවත් නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ රාජිත සේනාරත්න මහතා රෝහල් ගත වී හෝ රෝහල් ගත වීමට සූදානමින් සිටින බවයි.

views

1610 Views

Comments

arrow-up