වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවට

වවුනියා යුද හමුදා සෙබලා කපා කොටා තුවක්කුව පැහැරගත් සැකකරු අත්අඩංගුවට

වව්නියාව බෝගස්වැව යුදහමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලෙකුගේ ගෙල කපා මාරක තුවාල සිදු කොට ගිනිඅවිය පැහැරගෙන ගිය සැකකරු කැකිරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට බෝගස්වැව පොලීසිය පවසනවා.

 

අදාල යුද හමුදා සෙබලා බෝගස්වැව යුද හමුදා කඳවුරේ මුරපොළක තවත් සෙබලුන් තිදෙනෙකු සමග සේවය කොට සේවා මුරය අවසන් වී මුරපොළෙ සිට ගිනි අවිය භාර දීමට යුද හමුදා කඳවුර දක්වා ගමන් කරමින් සිටින අතර තුරදී 25 අලුයම 4.25 ට පමණයි මෙම පහරදීම සිදු වී තිබෙන්නේ.

 

එහිදී යුද හමුදා සෙබලාගේ ගෙල කපා ජංගම දුරකතනය හා ගිනිඅවිය රැගෙන ගොස් තිබූ අතර ජංගම දුරකතනයේ දත්ත ඇසුරෙන් සැකකරු සොයාගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.

 

මේ අනුව ඊට පෙරදින යුද හමුදා කඳවුරේ සෙබලෙකු නිවාඩු අනුමත වී කඳවුරෙන් නිකම කැකිරාව ප්‍රදේශයට ගොස් ඇති අතර මාරක තුවාල සිදු වූ සෙබලාගේ දුරකතනය පොලීසිය විසින් සන්නිවේදන දත්ත පරික්ෂා කිරීමේදී දුරකතනය කැකිරාව ප්‍රදේශයේ ඇති බව පෙන්නුම් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් සැකකරුගේ නිවසේ තිබී ගිනි අවියද සමග සැකකාර යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගැනුණා.

 

ගෙල කැපීමෙන් බරපතල තුවාල ලැබූ සාමාන්‍ය සෙබල ඩී.එම්.ජී.එස්.රත්නායක නැමත්තා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට රැගෙන ඒමෙන් පසුව අනුරාධපුර යුද හමුදා රෝහලට රැගෙන ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන බෝගස්වැව පොලීසිය වැඩි දුරටත් පැවසුවා.

views

909 Views

Comments

arrow-up