“නොදන්වා කපාගත් දිනක වැටුප නැවත දෙන්න” ලංකා තැපැල් සේවක සංගමය

තැපැල් සේවකයන්ට නොදන්වා කෝවිඩ් අරමුදලට යැයි කියා ඔවුන්ගේ අපේ‍්‍රල් මස වැටුපෙන් දිනක වැටුප කපාගෙන ඇති බව ලංකා තැපැල් සේවක සංගමය චෝදනා කරයි.
” මෙලෙස මුදල් කපාගැනීමට තැපැල් සේවකයින්ගේ කැමැත්ත පලකිරීමක් නැත. පොදුවේ රජයේ තීරණයකට (චක‍්‍රලේඛයක්/ගැසට් පත‍්‍රයක්) අනුව වැටුපෙන් කපා ගැනීමක් නොවේ. එලෙස තැපැල්පතිතුමන් අත්තනෝමතික ලෙස සේවකයින්ගේ වැටුපෙන් කපාගන්නා ලද දිනක වැටුප සේවකයින්ට ලබාදීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.” එම සංගමය නිකුත් කළ නිවේදනය සඳහන්වේ.
746 Views
Comments