අලුත් ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

අලුත් ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය

අලුත් ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය

අලූතෙන් ලබාදෙන ඉඩම් ඔප්පුවලට රාජ්‍ය ලාංඡනය ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රානි හේරත් මහත්මිය පවසනවා.

 

නව ඉඩම් ඔප්පුවට ඇතුළත් කරන අදාළ සැලැස්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇතැයි පැවසූ ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය අනුමැතිය ලැබුණු වහාම නව ඉඩම් ඔප්පු මුද්‍රණය කරන බව සඳහන් කළා.

 

නව ඉඩම් ඔප්පුවේ පැහැදිලි වෙනස්කම් රැසක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉඩම් ඔප්පු ඉඩම් නොමැති ජනතාවට ලබා දීමට නියමිතයි.

 

එම වැඩසටහන 2020 වසර තුළ රට පුරා සිදුකිරීමට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අරමුණ බව ද ඉඩම් කොමසාරිස් ජනරාල් චාන්දනී හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.

views

1227 Views

Comments

arrow-up