ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වන වාර්ගික බෙදීමට ජනපතිගෙන් විසඳුම් අවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වන වාර්ගික බෙදීමට ජනපතිගෙන් විසඳුම් අවශ්‍යයි

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වන වාර්ගික බෙදීමට ජනපතිගෙන් විසඳුම් අවශ්‍යයි

ශ්‍රීලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

 

මාධ්‍ය නිවේදනයක් මගින් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව පවසා ඇති අතර එමගින් පෙන්වා දෙන්නේ නව ජනාධිපති වශයෙන් පත් වූ ගොඨාභය රාපක්ෂ මහතා රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවටයි.

 

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධාපතිවරයා සියලු ජනතාවගේ ගැටලු වෙනුවෙන් ජාතිභේද නොසලකා සේවය කළයුතු බවටත් නව ජනාධාපතිවරයාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවටද අදාල නිවේදනයේ පෙන්වා දෙනවා.

 

එමෙන්ම ජනාධිපතවරණයේ ප්‍රථිඵලයන්ට අනුව ජනවාර්ගික වශයෙන් යම් භෙදීමක් පෙන්නුම් කරන හෙයින් සියලු ජනතාවගේ දේශපාලනික, ආර්ථික, සමාජීය, ඇතුලු සියලු ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයාගැනීමට නව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවටද එම නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

views

872 Views

Comments

arrow-up