මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කල සැකකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කල සැකකරුවෙක් අත්අඩංගුවට

මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කල සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය 28 වනදා රාත්‍රීයේ මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ

 

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවත් සැකකරු මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පත්වී ඇති අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනුව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවටත් වාර්තා වී තිබෙනවා

 

 

 

views

639 Views

Comments

arrow-up