දෙවියන් වට්ටෝරුව දුන් බව කියන කෑගල්ලේ ධම්මික පැණිය ජාත්‍යන්තරයට

කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ කොරෝනා මර්දනය කරන බව කියන පැණිය සම්බන්ධයෙන් පුවතක් ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවියක වාර්තා කර තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයෙන් ලෝකය පුරා ප්‍රවෘත්ති සපයන ජ්‍යාත්‍යන්තර පුවත්පතක් වන 'ද සන්' THE SUN පුවත් පතෙහි වෙබ් අඩවිය මෙලෙස එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රම භාවිතයෙන් මෙරටින් සොයා ගත් බව කියන මෙම ඖෂධීය වට්ටෝරුව දෙවියන් විසින් ලබාදුන් එකක් බවත් එම ලිපියේ සඳහන් කර තිබීම විශේෂත්වයක්.
එම පැණිය ලබාගැනීම සඳහා දොළොස් දහසකට අධික ජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැමිණි බව එම වාර්තාවේ සඳහන් වනවා.
651 Views
Comments