බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉන්දියාවට

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම ආසාදිතයින් 06 දෙනා පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයින් වන බවත් අදාළ ආසාදිතයින් 06 දෙනාගේ ආශ‍්‍රිතයින් ද, නිරෝධායනයට යොමු කිරීමට ඉන්දීය සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
එංගලන්තයෙන් කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ආසාදනය වූ රෝගීන් හමුවීමත් සමග එරටින් ගුවන් යානා ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පසුගියදා කටයුතු කළා. එහෙත්, නොවැම්බර් මස අගභාගය වනවිටත්, පුද්ගලයින් 33,000 ක පමණ පිරිසක් බි‍්‍රතාන්‍යයේ සිට ඉන්දියාවට ගුවන් මගින් පැමිණ තිබෙනවා.
එම පිරිසෙන් 114 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මේවනවිටත් තහවුරු වී ඇත්තේ. එහෙත්, ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය දැයි තහවුරු කර ගැනීම සඳහා මේවනවිටත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.
662 Views
Comments