එළවළු මිල ගණන් ගැන සතුටු හිතෙන ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

එළවළු මිල ගණන් ගැන සතුටු හිතෙන ආරංචියක්

එළවළු මිල ගණන් ගැන සතුටු හිතෙන ආරංචියක්

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

 

මැයි සහ ජූනි මාසවල වෙළෙඳපොළේ  එළවළු  හා පළතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝග වල මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර ඇත.

 

යම් හෙයකින් මැයි මාසයේ අවසාන සති දෙක තුළ දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන්වල යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු , පුහුණු හා පර්යේෂණ ආයතනය පවසයි.

views

311 Views

Comments

arrow-up