ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බායි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බායි

ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බායි

අද (28) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන්ගත කර විනාඩි 5කට පසුව යළි කටුනායක ගුවන්තොටුපළට ම ගොඩබස්වා තිබේ.

 

ඉන්දියාවේ මදුරෛයි බලා පියාසර කිරීමට නියමිතව තිබූ UL 139 දරණ ගුවන් යානය අද (28) පස්වරු 2.02ට කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව විනාඩි 05කට පසුව යළිත් ගොඩබස්වා ඇති බව ගුවන්තොටුපල කාර්ය භාර නිලධාරිවරයා පවසයි.

 

ගුවන් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස එම ගුවන් යානය යළි ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

 

කෙසේ නමුත් මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන් යානය තුළ ම රඳවා ගෙන යානයේ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබේ.

 

 

views

115 Views

Comments

arrow-up