නිධන් හෑරූ හිමිනමක් ඇතුලු 6ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

නිධන් හෑරූ හිමිනමක් ඇතුලු 6ක් අත්අඩංගුවට

නිධන් හෑරූ හිමිනමක් ඇතුලු 6ක් අත්අඩංගුවට

තණමල්විල පොලිස් වසමේ ගල පිටිය ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක කැණීම් සිදුකරමින් සිටි විහාරාධිපති හිමිනමක් සහ තවත් හිමිනමවරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී පූජාවක් සඳහා රැගෙන ආ කැවිලි වර්ග,මල් පහන් පූජා භාණ්ඩ, උදලු තුනක් හා කැබ් රථයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද(22) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

views

96 Views

Comments

arrow-up