වැස්ස වැඩි වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

වැස්ස වැඩි වන ලකුණු

වැස්ස වැඩි වන ලකුණු

දිවයින පුරා පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 


උතුරු, වයඹ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ත් 150 ත් දක්වා තද වර්ෂාපතනයක් ඇති විය හැකියි.

 

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

views

659 Views

Comments

arrow-up