කාන්තාවකට අසැබි වචන කියූ ජීවන් තොණ්ඩමන්ට එරෙහිව කාන්තාවන් ඇවිලේ

ඊයෙ (18) වතුකරයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතුව හැටන් මල්ලි අප්පුව මංසන්ධියේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.
ඒ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා වන ජීවන් තොණ්ඩමන් මහතාට එරෙහිවයි.
ඔහු කාන්තාවන්ට අපහාස වන පරිදි අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවට චෝදනා නගමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.
එම සිදු වීම මෙසේයි. පසුගියදා හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයේදී වතු කම්කරුවන්ට රුපියල් දහසේ මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා රැස්වීමක් සංවිධානය කර තිබුණා.
එම රැස්වීමට සහභාගී වූ ජීවන් තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා තමා කම්කරුවන්ට රු.1000 වැටුප ලබා දීමට මැදිහත් වී කටයුතු කළ බවත් වෙනත් කිසිදු පාර්ශවයක් ඒ සඳහා තමන්ට සහයෝගය නොදැක් වූ බවත් ප්‍රකාශ කර තිබුණා.
එහිදී ඔහු විසින් කාන්තාවකට පරුෂ වචනයෙන් අපහස වන පරිදි බැණ වදින ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ බව පවසමිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.
උද්ඝෝෂණයෙන් නියැලී සිටි කාන්තාවන් කියා සිටියේ ජීවන් තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවයි.
එසේම ඔහුගේ එම ප්‍රකාශයට රටේ සියලුම කාන්තාවන් එක්ව එකට විරෝධය පළ කළ යුතු බවත් දූෂණයෙන් නියැලී සිටි පිරිස පවසා සිටියා.
කෙසේ නමුත් උද්ඝෝෂණයට ද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙණු දක්නට ලැබුණු අතර වතුකරයේ තරුණ සංවිධාන කිහිපයක් ද මෙම උද්ඝෝෂණය සඳහා සහයෝගය දක්වා තිබුණා.
892 Views
Comments