Mrs Sri Lanka සිද්ධිය Mrs World සඳහා බලපාන්නේ නෑ - Mrs World සංවිධායක මණ්ඩලය දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

Mrs Sri Lanka සිද්ධිය Mrs World සඳහා බලපාන්නේ නෑ - Mrs World සංවිධායක මණ්ඩලය දන්වයි

Mrs Sri Lanka සිද්ධිය Mrs  World සඳහා බලපාන්නේ නෑ - Mrs World සංවිධායක මණ්ඩලය දන්වයි

2020 ශ්‍රී ලංකා ජාතික විවාහක රූ රැජිණ තේරීමේ අවසන් මහා තරගයේදී ඇති වූ සිද්ධිය මීළඟ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගයට බල නොපාන බව ජාත්‍යන්තර විවාහක රූ රැජින තරඟ සංවිධායක මණ්ඩලය පවසනවා.

 

ඔවුන් මේ බව කියා සිටියේ පසුගිය 4 වැනිදා ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරඟයේ දී ඇති වූ සිදුවීම පාදක කර ගනිමිනුයි.

 

ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සම්බන්ධව එම සිද්ධිය පිළිබඳව තමන් පූර්ණ ලෙස දැනුවත් බවත්, අදාළ සංවිධායක මණ්ඩලය කියා සිටියා.

 

මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විශ්ලේෂණය කරමින් සිටින බවත්, ඉන් ඊළඟ රූ රැජින තරඟයට එය බල නොපාන බවත් ජාත්‍යන්තර විවාහක රූ රැජින තරග සංවිධායක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

 

 

views

1051 Views

Comments

arrow-up