කොළඹට එක පාරටම‍ යුද හමුදා ක්ෂණික විහිදුම් බළගණය කඩා වැදුනේ ඇයි ?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

කොළඹට එක පාරටම‍ යුද හමුදා ක්ෂණික විහිදුම් බළගණය කඩා වැදුනේ ඇයි ?

කොළඹට එක පාරටම‍ යුද හමුදා ක්ෂණික විහිදුම් බළගණය කඩා වැදුනේ ඇයි ?

එක පාරටම අද යුද හමුදා ක්ෂණික විහිදුම් බළගණයේ බයික් කණ්ඩායම කොළඹට කඩා වැදුණා.

 

ජනාකීර්ණ කොළඹ කොටුව පිටකොටුව හරහා ඔවුන් ඉදිරියට ඇදුණා. මෙය බලා සිටි බොහෝ දෙනෙකු මවිතයෙන් වගෙ බලන් හිටියා.

 

ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සමහරු හිතුවා. ඒත් මේක මෙහෙයුමක්.

 

එළැබෙන සිංහල සහ දමිල අලුත් අවුරුදු උත්සව සමයේ කොලඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි ආරක්ෂක කටයුතු තර කිරීම සදහා අද දින (12) කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශයන් ඉලක්ක කරගනිමින් මෙම හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම විසින් මුර සංචාර කටයුතු මෙලෙස ආරම්භ කළා අවුරුදු සමය තුළ පැය 24 පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

 

ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නියෝග පරිදි මෙම මෙහෙයුම ආරම්භ කරලා තියෙනවා.

 

අවුරුදු කාලේදි ත්‍රස්ත ප්‍රහාරයක්ද ?

 

නැහැ.. 

 

ඒත් ඕනෑම දෙයකට ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තියලයි තියෙන්නේ.

 

පාස්කු ඉරිදත් මේ වගේම රටේ ආරක්ෂාව තර කළා. ඇයි මෙහෙම බයික් බළගණයක් ?

 

සෝදිසි මෙහෙයුම්වලට වඩාත් සුදුසු යතුරුපැදි බළගණයි.ඒවගෙම වාහන තදබදේ නිසා කොළඹට ඕනෙම සතුරු මරමස්ථානයකට යන්න මෙම බළකා සෙබළුන් විශේෂ පුහුණුවක් ලබල තියෙනවා.

 

 

views

902 Views

Comments

arrow-up