අධිවේගියේ ජෝගි දැමු නඩයේ රියදුරු පොලිසියට භාර වේ - ජනෙල් උඩ ගිය කොල්ලෝ අතුරුදන්!!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්ත්‍රාදායක ලෙස මෝටර් රථයක ජනෙල් මත වාඩි වී තරුණයින් සිව්දෙනෙකු විනෝද වෙමින් ගිය සිද්ධියට අදාළ වාහනේ මුල් අයිතිකරු හා රියදුරු ගැලනිගම පිහිටි අධිවේගී මාර්ග පොලිසිට පැමිණ භාර වී තිබෙනවා
නමුත් මෝටර් රථයේ වත්මන් හිමිකරු සැත්කමක් සිදු කර ඇති නිසා පොලිසිය වෙත භාර වී නැහැ
මෙම වාහනයෙහි ජනෙල් මත වාඩි වි ගිය සෙසු තරුණයින්ද හදුනා ගෙන ඇති නමුත් ඔවුන් මෙතෙක් පොලිසිය වෙත භාර නොවි පොලිසිය මඟ හරිමින් සිටිනවා.ඔවුන්ගේ නම් ලිපිනයන් සොයා ගෙන තිබෙන නිසා පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ
වාහනයේ මුල් හිමිකරු මහනුවර පදිංචිකරුවෙක්.ඔහු මෙම වාහනය අකුරණ ප්‍රදේශයේ අයෙකුට අළෙවි කළ නමුත් නිසි පරිදි වාහනය පවරා නැහැ.ඒකයි මුල් අයිතිකරුටත් පොලිසි ගාණේ එන්න වුණේ
මෙම සිදිධිය වෙලා තියෙන්නේ මෙහෙමයි
මහනුවර ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ගාල්ලේ විනෝද චාරිකාවක් යන්න නුවර ඉදන් කඩවතට ඇවිත් කඩවතින් අධිවේගී මර්ගයට දලා යන අතර ගැලනිගම කොටසේදී මෙලෙස වාහනයේ ජනෙල් මත නැගී අනෙක් වාහනයන්ටද හිරි හැරවන ලෙසට ධාවනය කරලා තිබෙනවා
මෙලෙස ගමන් ගත් මෝටර් රථයේ පසු පසින් ආ තවත් මෝටර් රථයක් මෙම අන්ත්‍රාදායක ක්‍රියාව වීඩියෝ ගත කරලා පොලිසියට භාර දීමෙන් තමයි මේ ගැන විමර්ශන ආරම්භ කළේ
අධිවේගී මර්ගවල යද්දි වෙනම නීති තියෙනවා.ඒ අනතුරු අඩු කර ගන්න ඕනේ නිසා සීසීටීවි කැමරාද මග දෙපස තිබෙනවා
කොහොම වුණත් පාරේ යද්දි වාහනේ ජනෙල් උඩ යන්න කොහෙත්ම බැහැ.
1143 Views
Comments