රුපියල් මිලියන 300 ක කරුංකා ව්‍යාජ ලිපි හදා රට පටවන්න හැදූ රේගු ලොක්කා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

රුපියල් මිලියන 300 ක කරුංකා ව්‍යාජ ලිපි හදා රට පටවන්න හැදූ රේගු ලොක්කා මාට්ටු

රුපියල් මිලියන 300 ක කරුංකා ව්‍යාජ ලිපි හදා රට පටවන්න හැදූ රේගු ලොක්කා මාට්ටු

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ බව පවසමින් ඉන්දියාවට නැවත යැවීම සඳහා පරිගණක ආශ්‍රයෙන් ව්‍යාජ ලේඛන සකස් කරමින් සිටී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරීවරයෙක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබුණේ එම කරුංකා තොගය ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද කරුංකා කන්ටේනර් 23 ක තොගයක් බවයි.

 

දැනට මාස කිහිපයකට පෙර පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබූ බවත් එහිදී අනාවරණය කළ ගත් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළා.

 

මෙම කරංකා කන්ටේනර් 23 සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 300 ක් බවත්, මේ සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

 

මේ වන විට එම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවත් ඔහුට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.

views

914 Views

Comments

arrow-up