රංජන් අද අධිකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

රංජන් අද අධිකරණයට

රංජන් අද අධිකරණයට

 බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(05) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

 


මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නයමිතයි.

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි නිවස පොලීසිය විසින් ඊයේ රාත්‍රී පරික්ෂාවට ලක් කළේ අධිකරණ නියෝගයකට අනුවයි.

 


ඒ අනුව ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සදහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළග තබාගැනීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

views

808 Views

Comments

arrow-up