රනිල්ගෙන් එජාප මන්ත්‍රී කණ්ඩායමට කැඳවීමක්

එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා.
පක්ෂය තුළ මේවනවිට හටගෙන ඇති අර්බුධකාරී තත්ත්වය සහ ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්න නියමිතයි.
පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ පැවතුණා .
ඊට හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ද සහභාගී වන ලෙස දන්වා තිබුණද, ඔහු ඊට සහභාගී වී තිබුණේ නැහැ.
පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ දී සිදුවනු ඇති බවට ද වාර්තා පළ වනවා.
760 Views
Comments