ජනාධිපති අද දළදා සමිදුන් වැදපුදා ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ජනාධිපති අද දළදා සමිදුන් වැදපුදා ගනියි

ජනාධිපති අද දළදා සමිදුන් වැදපුදා ගනියි

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි. 

 


ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබේ.

 


ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිතයි. 

views

849 Views

Comments

arrow-up