NOV
20
හර්ෂ ද සිල්වාත් ඉල්ලා අස්වෙයි

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරණ පරාජයෙන් පසු මෙසේ ඉල්ලා අස්වූ නව වැනි අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතායි.
ඔහුට පෙර හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, චම්පික රණවක, රුවන් විජේවර්ධන, අජිත් පී. පෙරේරා සහ අශෝක් අබේසිංහ යන අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූණා.
617 Views
Comments