ජන්දෙට පඩි සහිත නිවාඩුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

ජන්දෙට පඩි සහිත නිවාඩුවක්

ජන්දෙට පඩි සහිත නිවාඩුවක්

ජනාධිපතිවරනේයේදී ජන්දය ප්‍රකාශ කිරීම සදහා ලිකිතව නිවාඩු ඉල්ලුම් කර සිටින රාජ්‍ය හා පෞද්ගලිග සියලුම සේවකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදියයුතු බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටිනවා.

 

නිවාඩු ඉල්ලුම්කරුගේ සේවාස්ථානයේ සිට ජන්ද පොලට ඇති දුර නිගමනය කර ආයතන බලධාරීන් විසින් අදාළ විශේෂ නිවාඩුව ලබා දියයුතු බවත් මෙම විශේෂ නිවාඩුව වැටුප් සහිතව පැය 04 කට නොඅඩු වියයුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.මෙම විධිවිධාන උල්ලංගනය කරන්නන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවද කොමිසමේ සබාපතිවරයා ප්‍රකාශ කර සිටි.

 

නොවැම්බර් 16 වන දා පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා අදාල ජන්ද විමසීම් සිදුකරන අතර මේසදහා සියලු සේවායෝජකයන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

views

909 Views

Comments

arrow-up