අද ගෑස් මිල වෙනස් වෙයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

අද ගෑස් මිල වෙනස් වෙයි?

අද ගෑස් මිල වෙනස් වෙයි?

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

 

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවය.

 

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වන දින අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරනු ලැබීය.

 

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වේ.

 

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දමනු ලැබීය.

views

215 Views

Comments

arrow-up