පොල්තෙල් ආනයන බද්ද පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

පොල්තෙල් ආනයන බද්ද පහලට

පොල්තෙල් ආනයන බද්ද පහලට

වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා  වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත  අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත්  කරන බව කෘෂිකර්ම  හා වැවිලි  කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා පැවසීය.

 

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අය කරන බද්ද රුපියල් 150කි.

 

දැනට රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් ඇතැයි ද  2023ට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුනයක ඉහල යාමක් බවද අමාත්‍යාංශය පවසයි.

 

එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති අතරම  මිල ඉහල දැමීමට පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන ප්‍රයත්නය කූඨ උපායක් බව පොල් සංවර්ධන  අධිකාරිය පවසයි.

 

එමෙන්ම 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙ⁣ළෙඳ  බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා  නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

views

210 Views

Comments

arrow-up