ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා සෙබළෙක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා සෙබළෙක් මියයයි

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා සෙබළෙක් මියයයි

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සිදුවූ අනතුරකින් නාවික හමුදා සෙබළෙකු මියගොස් තිබේ.

 

උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

 

එහිදී ටෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම අවස්ථාවේ නාවික හමුදා සෙබළෙකු යාත්‍රා දෙකට මැදි වී සිරවී අනතුරක් සිදුව තිබේ.

 

අනතුරට ලක්වූ නාවික හමුදා සෙබළා ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාවික හමුදාව පැවසුවේ.

 

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කංකසන්තුර ධීවර වරාය වෙත රැගෙන විත් වැඩිදුර විමර්ශන සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.

views

225 Views

Comments

arrow-up