ලක්ෂ 30ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් තලංගම දී අල්ලයි

රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග පුද්ගලයෙකු තලංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් සහ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්රෑම් 800ක් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
තලංගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කර තිබෙනවා. සැකකරුගේ නිවසේ තිබී ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ සීලර් යන්ත්‍රයක් සමඟ තවත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
551 Views
Comments