කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් - දැඩිසත්කාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් - දැඩිසත්කාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරී අවසන්

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟයක් - දැඩිසත්කාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරී අවසන්

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින covid-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට ප්‍රමාණවත් නොවන මට්ටමක තිබෙන බව වාර්තා වනවා.

 

මේ වන විට ඔක්සිජන් සිලින්ඩර් 150 ක ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වන බවත් නමුත් රෝහල තුල ඇත්තේ ඔක්සිජන් සිලින්ඩර් 80 ක් පමණක් වන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

එමෙන්ම නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පවතින ඇඳන් 8 ම මේ වන විට විට ආසාදිතයින් ගෙන් පිරී ගොස් තිබෙනවා.

 

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වන විටත් දැනුම් දී ඇති අතර එළඹෙන මැයි මාසයේ 15 වනදා වන විට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමට එකඟ වී ඇති බවද වාර්තා වනවා.

 

මේ වන විට එම රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර තිබෙන ඇඳන් 110 ම පිරී ගොස් ඇති බවත් වාර්තා වනවා.

 

 

views

1144 Views

Comments

arrow-up