විවාහක රූ රැජිණ ගෝරියෙන් රජයට ලක්ෂ 7 ක් අලාභයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

විවාහක රූ රැජිණ ගෝරියෙන් රජයට ලක්ෂ 7 ක් අලාභයි

විවාහක රූ රැජිණ ගෝරියෙන් රජයට ලක්ෂ 7 ක් අලාභයි

මහත් ආන්දෝලනාත්මක ලෙස නිමාවුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් ලක්ෂ 7 ක අලාභයක් සිදුවී ඇති බවට පොලීසිය ඊයේ කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර සිටියා.

 

එ්, අදාල සිද්ධියට සම්බන්ධ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19) කැඳවනු ලබන අවස්ථාවේදී යි.

 

මෙම සිද්ධියේ සැකකාරියන් දෙදෙනා ලෙස නම්කර තිබූ කැරොලයින් ජූරි හා චූලා පද්මේන්ද්‍ර යන අය ඊයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පුෂ්පිකා ද සිල්වා යන අයට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශනද ඇති බවට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

 

කෙසේ නමුත් රජයට රුපියල් ලක්ෂ 7 ක පාඩුවක් සිදු වූ බවට පොලිසිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීම හේතුවෙන් සැකකාරියන් දෙදෙනා ඇප මත මුදාහරින බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

 

ඒ අනුව කැරොලයින් ජූරි හා චූලා පද්මේන්ද්‍ර යන අයට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් බැගින් නියම කර මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ නියෝග කළා.

 

එසේම රජයට සිදු වූ බව කියන අලාභය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරි දින වලදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මෙම නඩුව නැවත ජූනි මස 28 වනදා කැඳවීමටත් හේස්ත්‍රාත්වරයා නියෝග කළා.

views

1031 Views

Comments

arrow-up