ශ්‍රී.ල.නි.පය වෙනම මැයි දිනය සමරයි. මැයි දින උත්සවය කොළඹදී...
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

ශ්‍රී.ල.නි.පය වෙනම මැයි දිනය සමරයි. මැයි දින උත්සවය කොළඹදී...

ශ්‍රී.ල.නි.පය වෙනම මැයි දිනය සමරයි. මැයි දින උත්සවය කොළඹදී...

මෙවර මැයි දින උත්සවය වෙනම සැමරීමට කටයුතු සූදානම් කර ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවැති සාකච්ඡාවකින් පසුවයි.

 

"අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් සියලු දෙනාමත් තීන්දු කරපු දෙයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින පැවැත්විය යුතුයි කියලා. ඒ අනුව අපි කොළඹදී මැයි දිනය සමරන්න කටයුතු සූදානම් කරගෙන යනවා."

 

කෙසේ නමුත් මෙවරද මැයි පෙළපාලි පවත්වන්නේ නැහැ. ඒ හේතුවෙන් මෙවර මැයි දිනයට පැවැත්වෙන්නේ මැයි දින රැස්වීමක් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද මෙවර මැයි දින උත්සවයක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

views

823 Views

Comments

arrow-up