මහරගම මන්ත්‍රීනි දෙදෙනෙකු කෙස්වලු පටලවා ගනී - පහර කෑ මන්ත්‍රිනිය පස්මස් ගැබිනියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

මහරගම මන්ත්‍රීනි දෙදෙනෙකු කෙස්වලු පටලවා ගනී - පහර කෑ මන්ත්‍රිනිය පස්මස් ගැබිනියක්

මහරගම මන්ත්‍රීනි දෙදෙනෙකු කෙස්වලු පටලවා ගනී - පහර කෑ මන්ත්‍රිනිය පස්මස් ගැබිනියක්

මහරගම නගර සභාවේ මන්ත්‍රිනියන් දෙදෙනෙකු කෙස්වලු පටලවා ගැනීමක් වාර්තා වෙනවා. ඒ අලුත් අවුරුද්දට පසු දිනයේ එම සභාවේම මන්ත්‍රීවරයෙකුගේ අවසන් කටයුත්තක් අතර තුරදීයි. එම සභාවේ මන්ත්‍රීවරයෙකු අභාවප්‍රාප්ත වී තිබු අතර ඔහුගේ දේහය නගර සභා පරිශ්‍රයට ගෙනවිත් තිබුණා.ඒ අවස්ථාවේදී තරප්පු පේළිය බසිමින් සිටි පාලක පක්ෂයේ මන්ත්‍රිනි රසිකා ගුණසිංහ හට සමගි ජන බලවේගයේ ඉනෝජා මුණසිංහ විසින් අමානුෂික ලෙස පහර දීලා තිබෙනවා. පහරකෑමට ලක් වූ රසිකා පස්මස් ගැබිනියක්.

 

කාණුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවුරුද්දට පෙර ඇති වූ ආරවුලක් නිසායි මෙම පහරදීම සිදු වෙලා තියෙන්නේ.

 

'ළමයෙක් හම්බෙන්න ඉන්නව කියලා බලන්නෑ' කියලා ඉනෝජා මෙම පහර දීම සිදු කරලා තිබෙනවා.

 

මේ සිද්ධිය මහරගම පොලිසියටත් ඇවිත්.පස්සේ මහරගම පොලිසිය සැකකාර ඉනෝජා මන්ත්‍රිනිය අත්අඩංගුවට ගත්තා.පස්සේ ඇයව නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කළා.ඇයව ඇප මත නිදහස් කරලා තිබෙනවා.

 

පහර කෑමට ලක් වූ මන්ත්‍රිනිය මේ වෙද්දී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වෙන්නේ.

 

රසිකා ගුණසිංහ...

 

ඉනෝජා මුණසිංහ...

 

 

views

2045 Views

Comments

arrow-up