රන්ජන්ට ජනපති සමාව දීමට අවශ්‍ය හේතු ලිඛිතව දෙන ලෙස ජනපති සජිත්ට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

රන්ජන්ට ජනපති සමාව දීමට අවශ්‍ය හේතු ලිඛිතව දෙන ලෙස ජනපති සජිත්ට දන්වයි

රන්ජන්ට ජනපති සමාව දීමට අවශ්‍ය හේතු ලිඛිතව දෙන ලෙස ජනපති සජිත්ට දන්වයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදුකොට ඇති බව වාර්තා වෙනවා.

 

එනම් ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙසයි.

 

එහිදී ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත්තේ ඔහුව නිදහස් කිරීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

 

ඒ අනුව විපක්ෂ නායකවරයා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා.

 

මේ වන විට රංජන් රාමනායක මහතා වසර 4ක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

views

1080 Views

Comments

arrow-up