පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා බිරිඳට තුවාල වෙන්න ගහලා - නංගී බලන්න රෝහලට ආ අයියා කතුරකින් මස්සිනාට ඇනලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා බිරිඳට තුවාල වෙන්න ගහලා - නංගී බලන්න රෝහලට ආ අයියා කතුරකින් මස්සිනාට ඇනලා

පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා බිරිඳට තුවාල වෙන්න ගහලා - නංගී බලන්න රෝහලට ආ අයියා කතුරකින් මස්සිනාට ඇනලා

රෝහල් ගතවන්නට සිය නැගනියට පහරදීම සම්බන්ධයෙන් උරණවූ පුද්ගලයෙකු රෝහලේදීම එහි කතුරක් රැගෙන මස්සිනාගේ උදරයට සහ පිටට ඇන පලාගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

 

පින්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් අතර ඉකුත් 25 දා පස්වරුවේ ආරවුලක් සිදුව ඇති අතර එහිදී පහරදීමකින් තුවාල ලැබූ බිරිඳ ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණ ඇති බවත් ඇය සමග පහරදීම කළ ස්වාමිපුරුෂයාද පැමිණ ඇති බවත් සඳහන් වේ.

 

ඔවුන් දෙදෙනා රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී ආරවුල පිළිබද දැනගත් කාන්තාවගේ වැඩිමහල් සොහොයුරෙකු රෝහලට පැමිණ ඇත. එහිදී සිය නැගණියට පහරදීම සම්බන්ධයෙන් උරණ වූ සැකකරු රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට ඇන තිබේ.

 

රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇතැයි ද පොලිසිය පවසයි.

 

උදරය සහ පිට ප්‍රදේශයේ ස්ථාන හතරකට එල්ලවූ තුවාල සහිතව ලේ පෙරාගෙන ඇදවැටුණ තරුණයා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සිදුකළ පුද්ගලයා පලාගිය බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය.

views

81 Views

Comments

arrow-up