UNP සහ පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමක්

ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසනවා.
පිරිමි දෙදෙනෙකු හා එක් කාන්තාවක් මෙසේ තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොවුන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය කියයි.
1011 Views
Comments