කුකුල් මස් හා බිත්තර ගෙන්වීම නැවැත්වීමට ගෝඨාභය සූදානම්

කුකුල් මස් හා බිත්තර ආනයනය කිරීම නතර කළ යුතු බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හෙට්ටිපොළ පැවැති ජන හමුවකදීය. මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනුයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ දේශීය ගොවියා රැක ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කුකුල් මස් හා බිත්තර පිටරටින් ගෙන්වීම නැවැත්වීමට ක්‍රියාකරන බව පැවසූ රාජපක්ෂ මහතා මෙරට ඒවා නිෂ්පාදනය කරන්නන් නිසි පරිදි පාරිභෝගිකයන්ට ඒවා ලබා දීමට කටයුතු කළ යුතු බවයි ප්‍රකාශ කළේ. එමෙන්ම දිළිඳු පවුල් සඳහා රජයේ රැකියාව බැගින් ලබා දීමට කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.
මෙම ජනහමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා.
658 Views
Comments