ගෝඨාභය තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි - ජනාධිපති නීතිඥ අලි සබ්රි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

ගෝඨාභය තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි - ජනාධිපති නීතිඥ අලි සබ්රි

ගෝඨාභය  තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි - ජනාධිපති නීතිඥ අලි සබ්රි

තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති  ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේය.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.අද දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි.

 


එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය..

views

706 Views

Comments

arrow-up