JAN
05
දැරියකට පහර දුන් ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම්

නිකවැරටිය කොටවෙහෙරදි 13 හැවිරිදි දැරියකට අතින් පයින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොන්නැකුලම ග්‍රාම නිලධාරිනියගේ ඊයේ (4) වැඩ තහනම් කර තිබෙනවා .
රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව මෙම වැඩතහනම සිදුකර ඇති බව රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය පවසයි.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මොන්නෑකුලම ග්‍රාමසේවා නිලධාරිනිය වශයෙන් කටයුතු කළ ආර්.එම්. දිල්හානි රත්නකුමාරි නැමැත්තිය බවද අමාත්‍යාංශය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් හෙට නිකවැරටියට යාමට නියමිතයි.
683 Views
Comments