වෙසක් බලන්න ගිය තරුණයින් තිදෙනා දුම්රියට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වෙසක් බලන්න ගිය තරුණයින් තිදෙනා දුම්රියට බිලි

වෙසක් බලන්න ගිය තරුණයින් තිදෙනා දුම්රියට බිලි

බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

මරදානේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

 

පොලීසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ත් 19ත් අතර තරුණයන් තිදෙනෙකු බවය.

 

එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමේදී මියගොස් ඇතැයි පැවසෙයි.

 

වෙසක් සැරසිලි නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත.

 

මියගොස් ඇති තිදෙනා ඥාති දරුවන් බවද වාර්තා වෙයි.

 

පොලීසිය සඳහන් කළේ මියගිය තරුණයන් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

views

308 Views

Comments

arrow-up