අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

අද කාලගුණය

අද කාලගුණය

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අදදින සිටඉදිරිදිනකිහිපයේදී බලාපොරොත්තු වේ.

 

දිවයිනේ බොහෝප්‍රදේශවල අහස වළාකුලින්බරව පවතිනු අත.

 

බස්නාහිර, සබරගමුව, වයඹසහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

 

දකුණු පළාතේ විටින්විට හමනපැ.කි.මී. (30-40)කපමණ තරමක් තදසුළං ඇතිවිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලඇතැම් ස්ථානවල තද වැසි ඇති විය හැක.

 

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දකවා වන දිශාවලින් හමන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.මෙමමුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60දක්වා වැඩි විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

367 Views

Comments

arrow-up