“නොවිය යුතු දෙයක් මා අතින් වුණා” - ප්‍රසන්න රණවීරගෙන් පාපොච්ඡාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව " කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය .
ඒ මහතා එසේ පැවසූවේ අද(17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී , එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙනි .
මෙම සිදුවීමෙන් පසුව , මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ " ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ " යනුවෙන් ද පැවසීය .
කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) දින උදෑසන අමාත්‍යවරයා වෙත කැදවීමක් සිදු කර තිබුණි .
ඒ අනුව උදෑසන 10.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත අමාත්‍යවරයා පැමිණි අතර පැයකට ආසන්න කාළයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 11.40 ට පමණ පොලිසියෙන් පිටතට පැමිණියේය .
260 Views
Comments