හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

 

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෙනරාල් මහේෂ්  සේනානායක මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය.

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා 2017 ජූලි 4 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති  ලෙස පත්වූ අතර 2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.

 

මෙම අවස්ථාව සඳහා සමගි  ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් සිටියහ.

views

254 Views

Comments

arrow-up