MAR
31
පුංචි සිඟිත්තා ළිඳට බිලිවෙයි

බලංගොඩ ලංකාභරණ වතුයායේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු දෙකක පිරිමි දරුවකු නිවස ආසන්නයේ වෙළදසලක් ඉදිරිපිට ඇති ළිඳකට වැටීමෙන් මරුමුවට පත් වි ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.
අවට සිටි ප්‍රදේශවාසීන් විසින් දරුවා ගොඩට ගෙන බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළ ද ඵ් වන විටත් ඔහු මිය ගොස් සිටි බව බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය වරයෙක් සදහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ කේ.රනිෂ් නැමැති දරුවෙකි.
229 Views
Comments