කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර අදට වසර 05ක කාලයක් ගත වෙයි.

 

2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

 

මෙවර පාස්කු ඉරුදින දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

 

ඒ අනුව දිවයින පුරා කිතුණු දේවස්ථාන 1,873ක් ආවරණය වන පරිදි ආරක්ෂව සඳහා පොලිස් නිලධාරීන් 6,522ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746ක් යොදවා ඇති බව සඳහන්ය.

 

මෙම දින කිහිපය පුරාවටම එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

views

235 Views

Comments

arrow-up