අද කාලගුණය

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහඌව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළංනැගෙනහිර දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු දක්වා පවතී.
මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5–3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
224 Views
Comments