බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ තීන්දුව ගැන රජයෙන් තීරණයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රජය අද (9) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළබව ජාතික පුවත්පතක් සදහන් කළා.
නඩු විභාගය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්වා දුන්නේ ගෙල සිදින අභිනය කළ යැයි චෝදනා ලැබ සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික විනර්මුක්තිය හිමිවන බවයි.
මීට අමතරව යුද හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ එම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බව සඳහන්.
විදේශ සබදතා අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබෙනවා.
761 Views
Comments